පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවෙයි

    අප්‍රේල් 19, 2022

    මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය ප්‍රධාන නියෝජිතයින් සමඟ ඊයේ (අප්‍රේල් 18) වොෂින්ටන් ඩීසී හි IMF මූලස්ථානයේ දී හමු වී තිබේ.

    ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවට මුදල් අමාත්‍යවරයා වෙත සහතික වී ඇති අතර ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ද ලැබී තිබේ.

    ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ( Nirmala Sitharaman )සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස ද ඊයේ (අප්‍රේල් 18) දින වොෂින්ටන් හි IMF මූලස්ථානයේ දී මුදල් අමාත්‍යවරයා හමුවිය. සීතාරාමන් මහත්මිය ද ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඉන්දියාවෙන් උපරිම සහයෝගය ලබා දෙන බවට අලි සබ්‍රි මහතා වෙත සහතික වී ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සංවර්ධනය ශක්තිමත් කිරීමට සහ ජාතීන් දෙක එක්ව ඉදිරියට යන විට ශක්තිමත් බැඳීම් ගොඩනැගීමට ඉන්දියාවේ කැපවීම පිළිබඳව ද අවධාරණය කර තිබේ.

    අද (අප්‍රේල් 19) තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට තවදුරටත් කටයුතු යොදා ඇත. මෙම රැස්වීම් සඳහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya