පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    පෞද්ගලික බස්රථ හිමියන් පිළිබඳව රජය සානුකම්පිතව කටයුතු කරනවා - ප්‍රවාහන අමාත්‍ය  

    අප්‍රේල් 19, 2022

    ජනතාව පීඩාවට පත් නොවන ලෙස පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක විය යුතුයි - පෞද්ගලික බස්රථ හිමියන් පිළිබඳව රජය සානුකම්පිතව කටයුතු කරනවා - ප්‍රවාහන අමාත්‍ය

    ඊයේ රාත්‍රියේ (18) මිල වැඩි වූ විට අද (19) බස් ගාස්තු සංශෝධනය කිරීමේ හෝ උද්ඝෝෂණ වලට යාමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත්, ජනතාව පීඩාවට පත් නොවන ලෙස පොදු ප්‍රවාහනය ක්‍රියාත්මකවිය යුතු බවත්, මේ වන විට ලංගම හා දුම්රිය භාවිත කරමින් පොදු ප්‍රවාහන කටයුතු යෙදවීමට කටයුතු කර තිබෙන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

    දිලුම් අමුණුගම අමාත්‍යවරයා අද (19) දින කර්මාන්ත අමාත්‍යාංශයේ නිළ වශයෙන් වැඩ ආරම්භ කිරීම සිදු කරන ලදී. එහි දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාව සදහා හිටපු කර්මාන්ත අමාත්‍ය එස්. බී දිසානායක මැතිතුමා, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  ප්‍රසන්න රණවීර මැතිතුමන්, අමාත්‍යාංශ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා ද සහභාගි විය..

    මෙහිදී ඉන්ධන මිල ඉහල යෑම සම්බන්ධයෙන් බස් ගාස්තු යම් සංසෝධණයක් සිදුවන්නේද යන්න මාධ්‍යවෙිදීන් ඇසූ පැණයට ගරු අමාත්‍යතුමන් පිලිතුරු ලබාදෙන ලදී.

    ඊයේ රාත්‍රියේ (18) ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ පොදු ප්‍රවාහනය සහ සමස්ත ප්‍රවාහන ක්ෂේත්‍රයේම අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අතර විශේෂයෙන් පෞද්ගලික බස්රථ හිමියන් සහ ඇතැම් ප්‍රදේශ වල මහජනතාවත් අතර යම් නොසන්සුන්කාරී තත්ත්වයක්, එනම් පෞද්ගලික බස්රථ හිමියන් සහ සේවකයින් විසින් ලංගම බස්රථ ධාවනය කිරීමට බාධා කිරීමත්, පෞද්ගලික බස් රථ යොදවා මඟ හරස් කිරීම් ආදිය සිදු කිරීමත් මේ වන විට සිදු වී ඇති දැනගන්නට ලැබී ඇති බව හෙතෙම සඳහන් කරන ලදුව එම ක්‍රියා නතර කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා සිටී.

    මෙතෙක් ඉන්ධන මිලට සාපේක්ෂව පොදු ප්‍රවාහනය සඳහා යම් සාධාරණ ලෙස ගාස්තු සංශෝධනය කිරීම් සිදු කර දී තිබුණත්, සැලකිය යුතු ලෙස මෙවර ඉන්ධන ගාස්තු ඉහළ ගොස් ඇති නමුත් බස්රථ ධාවනය කළ නොහැකි බව ඉතාම පැහැදිළිකරුණක් වන නමුත් එය උද්ඝෝෂණ කර ජනතාවගේ ම කොටසක් ජනතාවට විරුද්ධව ගැටළු කිරීම ප්‍රතිඵල දායක නොවන බවත් අද දහවල දී පැවැත්වෙන සාකච්ඡාවෙන්අ නතුරුව රජයක් වශයෙන් මෙම ගැටළුව විසඳීමට කටයුතු කරන බවත් දිලුම් අමුණුගම මහතා මෙහි දී පැවසුවේය.

    ඒ අනුව අනිවාර්යෙන්ම ලංගම බස්රථ ධාවනය සිදු කළ යුතු බව හෙතෙම මෙහි දී කියා සිටින ලදුව ධාවනය කිරීමට කැමති බස්රථ වලට බාධා එල්ල කළ හොත් එම බාධා කරන්නන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත්, දුම්රිය ගාස්තු සංශෝධනය නොකර තිබිය දී දුම්රිය ධාවන කටයු වලට ද බාධා කිරීමට කිසිවෙකුට අයිතියක්

    නොමැති බවත්, යම් යම් බාධා ගැටලුකාරී තත්ත්වයන් එල්ල වී තිබෙන නමුත් සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනයට බාධා එල්ල කිරීම තමුන් අනුමත නොකරන බවත්, ඒ අනුව පොදු ප්‍රවාහනයට බාධා කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් හෙතෙම කිවේය. අද (19) දහවල් කාලයේ දී පෞද්ගලික බස්රථ සංගම් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

    ඒ අනුව අද දවස ඇතුළත මෙම ගැටලුවට යම් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවත්, මේ සමඟ ජනාධිපතිවරයා හමු වී ගාස්තු වැඩි කරනවා වෙනුවට යම් ඉන්ධන සහනාධාරයක් පොදු ප්‍රවාහනය වෙනුවෙන් ලබා දීමට හැකි දැයි සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට හිටපු කර්මාන්ත අමාත්‍ය එස්. බී දිසානායක, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, අමාත්‍යාංශ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) දයා රත්නායක මහත්වරුන් සහභාගී විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya