පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    හිඟයකින් තොරව තෙල් ලබාදීම ප්‍රමුඛතාවක්- ඉදිරියේ දී මිල සූත්‍රයක් අනුව කටයුතු කරනවා- අමාත්‍ය කංචන විජේසේකර

    අප්‍රේල් 19, 2022

    ඉන්ධන මිල වැඩි කිරීම නිසා බොහෝ ක්ෂේත්‍රයන්ට අසාධාරණයක් සිදු ව ඇති බවත්, එහෙත් ඉදිරියේදී ධීවර, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්හි අදාළ අමාත්‍යවරු සමග සාකච්ඡා කර එම ක්ෂේත්‍රයන්ට යම් සහනයක් ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

    විදුලි කප්පාදුවකින් තොරව අඛන්ඩව විදුලිය සැපයීම සඳහා දිගින් දිගටම තෙල් ඇණවුම් කළයුතු බවත් ඒ සඳහා ඛනිජ තෙල් සංස්ථාවට අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදු වූ බවද කීය. මෙය කුමන රජයක, කවර අමාත්‍යවරයෙක් ආවද මෙම අර්බුදයට මුහුණ දීමට සිදු වන්නේ යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    තවද ඉන්ධන බෙදා හැරීමේදී ඇති වන අඩුපාඩු අවම කර නිසියාකාරව එම කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා , ඊයේ දිනයේදී පමණක් ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 11,547 නිකුත් කර ඇතැයි කීය. හිගයකින් තොරව තෙල් ලබා දීමට රජය ප්‍රමුඛතාවය ලබා දී ඇතැයි පැවසූ අමාත්‍යවරයා,තවද ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී මිල එකම මිල සූත්‍රයකට ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya