අද (19) උදෑසන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ දි සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන හා වැවිලි කටයුතු අමාත්‍ය ගරු රමේෂ් පතිරණ, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, ගරු පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප් විතාන, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වුහ.
9 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත් වු ගරු ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයා ද වේ. පාර්ලිමේන්තු ඉතිහාසය අනුව
පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක ධුරය මුලින්ම දරා ඇත්තේ ආර්.එස්.එන්.ගුණවර්ධන මහතාය. ඒ.ඊ. ගුණසිංහ, සි.ඩබ්.ඩබ්. කන්නන්ගර, ඩබ්.ජේ.සි.මුණසිංහ, ජේ.ඩි. විරසේකර, ගරු එස්.කේ.කේ. සූරියආරච්චි, එම්.පි. ද.ඉසඩ් සිරිවර්ධන, ජේ.ආර්.ජයවර්ධන, කේ.බි.රත්නායක, වින්සන්ට් පෙරේරා, ආචාර්ය විමල් වික්‍රමසිංහ, රිචඩ් පතිරණ, රෙජි රණතුංග, මහින්ද සමරසිංහ, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, දිනේෂ් ගුණවර්ධන, ගයන්ත කරුණාතිලක හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දරා තිබේ. ඇමති ගරු ප්‍රසන්න රණතුංග මහතා මීට පෙර මෙම තනතුර දැරු ගරු රෙජි රණතුංග මහතාගේ පුත්‍ර යෙකු ද වේ. ඔහු ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය යෙකු වන අතර මීට පෙර බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.
වැඩ භාර ගැනීමෙන් අනතුරුව රණතුංග මහතා සදහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ද ආරක්ෂා කරමින් අදාළ තනතුරේ කටයුතු කිරිම සිය අපේක්ෂාව බවයි. පවතින තත්ත්වය තුළ ජනතා විශ්වාසය රැක ගනිමින් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට ගත යුතු හා ගත හැකි සෑම පියවරක්ම ආණ්ඩුව ගනිමින් සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා නව වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරයේදී සභානායක ධුරය සඳහා ඊයේ (18) දින සිට බලපැවැත්වෙන පරිදි යළි පත් කොට ඇති බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.