පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි ඖෂධ ආධාරයක් ලබාදීමට එකඟ වෙයි - අවශ්‍ය ඖෂධ ලබාගැනීමට සියලු කැප වීම් කරනවා - සෞඛ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 19, 2022

    ඖෂධ හිඟය නිසා කිසිදු රෝගියෙකු මිය ගිය බවට වාර්තා වී නොමැති බවත් හීඟ ඖෂධ ඇතුළු ශෛල්‍ය උපකරණ ලබාගැනීමට හැකියාව තිබෙන බවත් ඒ සඳහා හැකි සියලු කැප කිරීම් රජය ලෙස සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

    ලැබී තිබෙන තොරතුරු හා සංඛ්‍යා ලේඛන අනුව එවැනි මරණයක් සිදුව නැති බව තමා වෙත දැනුවත් කර තිබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අද (19) පාර්ලිමේන්තුවේ දී අඳහස් දක්වමිනි.

    ඖෂධ සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ ප්‍රමාදය වූ නිසා ඖෂධ සැලකිය යුතු සංඛ්‍යාවක හිඟයක් ඇති වුවත් එය අවම කිරීමට පියවර ගෙන තිබෙන බවත්, මේ වනවිට ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය ඩොලර් ලැබී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි ඖෂධ ආධාරයක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව, රතු කුරුස සංවිධානය අවශ්‍ය ඖෂධ ලබාගැනීමට සහාය ලබාදෙනවා. ලොව පුරා ශ්‍රී ලාංකික තනාපති කාර්යාල මඟින් අවශ්‍ය ඖෂධ ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ඉන්දියානු ණය ආධර යටතේ ඖෂධ ලබාගැනීමට කටයුතු කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

    ''මේ තත්ත්වය කළමනාකරණයට අප මහන්සි වී වැඩ කරනවා. මේ අවස්ථාවේ වෛද්‍ය,හෙඳ,වෘත්තීය සමිති ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා සහාය දක්වන්න කියා. මෙය අමාරු තත්ත්වයක්. දින 90 ඇතුළත හිඟ ඖෂධ ඇතුළු ශෛල්‍ය උපකරණ ලබාගැනීමට හැකියාව තිබෙනවා. ණයවර ලිපි විවෘත කර තිබෙන්නේ.'' යැයි පැවසූ අමාත්‍යවරයා, කළ හැකි සියලු කැප කිරීම් රජය ලෙස සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිදු කරන බව ද අමාත්‍යවරයා පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya