පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    අප්‍රේල් මුල් දින18 දී සංචාරකයින්ගේ පැමිණීම 43,761ක්

    අප්‍රේල් 20, 2022

    අප්‍රේල් මාසයේ 01 සිට 18 දක්වා සංචාරකයන්ගේ පැමිණීම 43,761ක් බව සංචාරක අමාත්‍යාංශය කියයි

    මේ වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 03 ඉක්මවයි.ඒ අනුව මේ වසරේ ජනවාරි 01 සිට අප්‍රේල් 18 දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 329,095 කි. 

    අප්‍රේල් මාසයේ දින 18 තුළ සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා වී ඇත්තේ එක්සත් රාජධානියෙනි. 8,743 දෙනෙකු මෙලෙස මෙරටට පැමිණ තිබේ. ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 5,802 කි. ජර්මනියෙන් 4,908 ක් ප්‍රංශයෙන් 2,759 ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයන් 2,645 මෙරටට පැමිණ ඇතැයි ද එම වාර්තා වේ සදහන් වේ.

    පසුගිය කාලයේ සංචාරකයන්ගේ දෛනික පැමිණිම 4000 ත් 5000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවද මේ වන විට මෙරටට පැමිණෙන සංචාරක සංඛ්‍යාව 1000 ත් 2000 ත් අතර වේ. රට තුළ පවතින තත්ත්වය තූළ සංචාරකයන්ගේ පැමිණීමේ පහත වැටීමක් දක්නට ලැබෙයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, ඉදිරියේ දි සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කර ගැනීමට පියවර ගනිමින් සිටින බවයි.

    මෙරට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් බාධාවකින් තොරව ලබාදීමටත් අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya