පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සහ අනෙකුත් වාහන අවහිර කිරීමෙන් හා ඒවාට අලාභ හානී කිරීමෙන් වළකින්න

    අප්‍රේල් 20, 2022

    ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සහ අනෙකුත් වාහන අවහිර කිරීමෙන් හා ඒවාට අලාභ හානී කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජ්‍යේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

    මාධ්‍ය වෙත අද (20) ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී.

    ඊයේ දින (18) ඉන්ධන බවුසර්වලට බාධා කිරීමේ සිදුවීම් කීපයක් වාර්තා වු බවත් ඉන්ධන සැපයීමේ ජාලය අඩපන වුවහොත් අත්‍යාවශ්‍ය ඖෂධ,ආහාර හා අනෙකුත් සැපයුම් ජාල අඩපන වීමට ඉඩ තිබෙන බව අජිත් රෝහණ මහතා කියයි.

    එබැවින් ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සහ අනෙකුත් වාහන අවහිර කිරීමෙන් හා ඒවාට අලාභ හානී කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඉන්ධන සාමාන්‍ය පරිදි ප්‍රවාහනය කරන බවට අදාළ බලධාරීන් ප්‍රකාශ කොට තිබෙන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya