ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) රඹුක්කන දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
එමෙන්ම, එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කිරීමක් සිදුකර තිබේ ද යන්න පිළිබඳව පොලිස් මුලස්ථානය මට්ටමින් ද විමර්ශනයක් පැවැත්වීමට තමන් විසින් කටයුතු සිදු කරන බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියේය. ඊයේ (19) අලුයම රඹුක්කන දුම්රිය මාර්ග අසල පැවතී ඉන්ධන හලින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස් ඉන්ධන නොමැති වීම හේතුවෙන් විරෝධතාවයක් ආරම්භ කෙරිණි.
එම පිරිස උදෑසන කාලයේ දී රඹුක්කන දුම්රිය මාර්ගය හරස් කරමින් දුම්රිය ගමනාගමනයට බාධා ඇති කරමින් තවදුරටත් විරෝධතාවයේ යෙදී සිටිය දී රඹුක්කන පොලිසිය මැදිහත් වීමෙන් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට ඉන්ධන බවුසර් දෙකක් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලද බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටින ලදුව එම පළමු බවුසරය දුම්රිය මාර්ගය පසු කිරීමට නොදී දුම්රිය මාර්ගය හරහා බලෙන් නවතාගෙන බවුසරයේ බැටරිය ගලවා රෝද වල හුලං ඉවත් කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ අතරතුර පැමිණි දෙවන බවුසරය ද එම විරෝධතාකරුවන් විසින් රඳවා ගෙන ඉන්ධන මිල වැඩි කිරීමට පෙර තිබු ඉන්ධන මිලට ලබා දෙන ලෙස ඉල්ලමින් දිගින් දිගටම කලහකාරී ලෙස හැසිරෙමින් සිටි බව හෙතෙම ප්‍රකාශ කළේය.
මේ නිසා රඹුක්කන හරහා ගමන් ගන්නා කිසිඳු දුම්රියකට ගමන් කිරීමට නොහැකි වීම නිසා මඟීන් බොහෝ පිරිසකට දුම්රිය ස්ථාන වල දෙපස පැය ගණනක් සිර වී සිටීමට සිදු වී තිබේ.
එමෙන්ම, එම ප්‍රදේශයේ නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා උදැසන කාලයේ සිටම එම පිරිස වෙත පොලිසිය වෙත දිගින් දිගටම අවවාද කිරීමට කටයුතු කළ ද පැය 12 කට අධික කාලයක් එසේ රැඳී සිටි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරෙමින් ත්‍රීරෝද රථයකට ගිනි තැබු අතර ඉන්ධන පිරවූ තෙල් බවුසරයකට ද ගිනි තැබීමට උත්සාහ කිරීමේ දී ඔවුන් විසුරවා හැරීමට පොලිසිය විසින් කරන ලද අවවාද නොතකා කටයුතු කිරීම හේතුවෙන් බැටන් ප්‍රහාරයක් මඟින් විසුරවා හැරීමට කටයුතු කරන ලද අතර තවදුරටත් ඔවුන් විසින් කලහකාරී ලෙස හැසිරීම නිසා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඔවුන් මැඩ පැවැත්වීමට කටයුතු කරන ලද බව සී.ඩි වික්‍රමරත්න මහතා පැවසුවේය.
එම අවස්ථාවේ දී පිරිසක් විසිර ගිය ද තවත් පිරිසක් කණ්ඩායම් කිහිපයකට බෙදී දුම්රිය මාර්ගයේ ඇති ගල් භාවිතා කරමින් පොලිස් නිලධාරින් වෙත ඉතා බරපතල ලෙස ගල් ප්‍රහාර එල්ල කරමින් බවුසරය ගිනි තැබීම වැලක්වීමට යෙදවූ පොලිස් නිලධාරීන් හැර පහර දීමට උත්සහ කිරීම නිසා එම නිලධාරීන්ගේ ජිවිත සහ බවුසර් රථය ගිනිගතහොත් ඇති වන හානිය වළක්වාගැනීම සඳහා අවස්ථාවට උචිත පරිදි අවම බලය භාවිතා කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන බව ඒ මහතා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වුව ද, මෙම සිදු වීම හේතුවෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පොලිස් නිළධාරීන් 11 දෙනකු ද තුවාල සිදු වී ඇති බවත්, කලහකාරී පිරිසෙන් කිහිපදෙනකු ද තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව, තවදුරටත් කලහකාරී ලෙස හැසිරීම වැළක්වීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම සඳහා ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා පොලිස් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළ බව පොලිස්පතිවරයා මෙහි දී දැනුම් දුන් අතර පොලිස් නිලධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කිරීමක් සිදුකර තිබේ ද යන්න පිළිබඳව පොලිස් මුලස්ථානය මට්ටමින් ද විමර්ශනයක් පැවැත්වීමට තමන් විසින් කටයුතු සිදු කරන බවත්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමෙන් වළකින ලෙසත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලීසියට සහය පල කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.