පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන සැපයුම් ජාලය කඩා බිද දමන්න එපා - ආරක්ෂාව ඉල්ලා තිබෙනවා - බලශක්ති අමාත්‍ය කංචන ව්ජේසේකර

    අප්‍රේල් 20, 2022

     

    ඉන්ධන සැපයුම් ජාලය කඩා බිද දැමීමට කටයුතු නොකරන ලෙසත් ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වලට පොලීසියෙන් හා යුද හමුදාවෙන් ආරක්ෂාව ඉල්ලා තිබෙන බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන ව්ජේසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (19) රඹුක්කන සිදුවීම සම්බන්ධව අඳහස් දක්වමිනි.

    අත්‍යවශ්‍ය රථවලට බාධා කරන්න එපා. . ඉන්ධන සැපයුම් ජාලය කඩා බිඳ දමන්න එපා. ඊයේ බවුසර් 534ක් සියලු දිස්ත්‍රික්කවලට යවන්න කටයුතු කළා. එහෙත් සියයට 50%ක් පමණයි යැවීමට හැකි වුණේ. ඊයේ දුම්රිය ගමන් කරන්න බැරි වුණා. බවුසර් රියදුරන්ගේ ජීවිත ආරක්ෂව පිළිබඳ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ගුවන් හමුදාව එකඟ වී තිබෙනවා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය සඳහා ආරක්ෂාව ලබා දෙන්න. අපි ආරක්ෂාව ඉල්ලා තිබෙනවා. දුම්රිය හා බවුසර් සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න.

    ඉන්ධන අවශ්‍ය තරම් තියෙනවා. ඊයේ සංවිධනත්මකව මේක කළේ. අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව යන්න දෙන්න. කර්මාන්ත, රෝහල් අක්‍රිය වී රෝගීන් මරණයට පත් වුණොත් විපක්ෂය බාර ගත යුතුයි.ඉන්ධන බවුසර් වලට හා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය සඳහා ආරක්ෂාව ලබා දෙන්න. අර්බුදයක් ඇති කරන්න කටයුතු කරන්න එපා. මරණය වාසියෙන් වෙළඳ භාණ්ඩයක් කර ගන්න විපක්ෂය උත්සහ ගන්නවා. යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya