ඊයේ (19) රඹුක්කන ඇති වූ සිදුවිම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට නිලධාරීන් තුන් දෙනෙක්ගෙන් සමන්විතව වෙනම පරීක්ෂණයක් සිදු කරන බවත් අවිස්සාවේල්ලෙන් වෙනම පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් සිදු කරන බවත් කී අමාත්‍යවරයා, මානව හිමිකම් කොමිෂම ස්වාධීන පරික්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව කීය.
ඒ පිළිබඳව පිළිතුරක් ලැබුණු පසු සභාව දැනුවත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.