අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශකය් සිදු සිදු කරමිනි.
එම සිද්ධිය නිසා තුවාල ලැබූ ආරක්ෂක අංශ වලට මෙන්ම උද්ඝෝෂණය නිසා පැය 10ට ආසන්න කාලයක් අපහසුතාවයට පත් පාසල් දරුවන් සහ රජයේ සේවකයන්ට සිය කණගාටුව පළ කරන බවද කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම රජය උද්ඝෝෂණ කිරීමේ අයිතිය පිළිගත් රජයක් බවයි . ඒමෙන්ම ,උද්ඝෝෂණ නොකරන සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කර ගැනීමේ වගකීමද රජය සතු වන බව අමාත්‍යවරයා කීය.
රඹුක්කන සිද්ධිය ඇති වු අවස්ථාවේ පොලීසිය එම සිද්ධිය පාලනය කර ගැනීමට අවශ්‍ය පිය වර ගත් බවත් , පැය 10ට ආසන්න කාලයක් මෙම උද්ඝෝෂකයින් කලහකාරී ලෙස හැසිරෙමින් බස් රථ සහ දුම්රිය අවහිර කළ බවත් පාසල් ළමුන් සහ රැකියා වලට ගිය අය අපහසුතාවයට පත් කළ බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට අවිස්සාවෙල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක ඇතුළු සාමාජිකයන්ගෙන් යුතු තවත් විශේෂ කමිටුවක් පත් කළ බවත් ඒම කමිටු වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.
මෙම සිදුවීම පිළිබඳ අපක්ෂපාතී පර්යේෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයිද කීය. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජන ජීවිතය ආරක්ෂ කිරීමට රජය බැඳී සිටින බවද කීය.