සුරාබදු දෙපාර්තමේන්තුවේ 2020 වර්ෂය සදහා වූ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමසීම සඳහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතීත්වයෙන් (19) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී මෙම නිර්දේශය ලබා දෙන ලදී.
මේ වන විට මෙම පරිගණක පද්ධතිය සැකසීමේ මූලික කටයුතු ආරම්භ වී ඇති බවත් 2023 ජනවාරි වන විට මෙම කටයුතු අවසන් කිරීමට හැකිවන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා මෙහිදී කමිටුවට පැවසීය. මොරටුව විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන්අදාළ මිල ගණන් කැදවා සුදුසු පරිදි මෙම කටයුතු සිදු කරන ලෙසමෙහිදී කමිටුව විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දෙන ලදී. සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වැඩපිළිවෙළ අගය කළ කම්ටුව පෙන්වා දුන්නේ මේ හරහා රටට ආදායම් ලැබෙන ප්‍රධානතම ආයතනයක් වන සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටත් ඒහරහා ලැබෙන ආදායම විශාල වශයෙන් වැඩිකර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇති බවයි.
එසේම ඇතැම් රාජ්‍ය ආයතනවලට මෙලෙස පරිගණක පද්ධතියක් සකස්කරගෙන කටයුතු විධිමත් කරන ලෙස වසර ගණනාවක් මුළුල්ලේ දැනුම් දුන්නද තවමත් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම කනගාටුවට කරුණක් බවද කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.
එසේම රජයේ ආදායම වර්ධනය කිරීම සදහා වූ මත්පැන් බෝතල් හා මත්පැන් බෝතල් ආශ්‍රිත නිෂ්පාදන සදහා ආරක්ෂිත ස්ටිකර් කළමණාකරණ පද්ධතිය පවත්වාගෙන යාමේ ප්‍රගතිය පිළිබදවද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී අනාවරණය වූයේ මෙම ස්ටිකර් කළමණාකරණ පද්ධතිය හදුන්වා දීම නිසා පසුගිය වසරේ මුල් මාස තුන තුළ පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම 17%කින් වැඩිවී ඇති බවයි.
මත්පැන් අපනයනය මත සුරාබදු අවකරණය කිරීම සම්බන්ධ තොරතුරු ආදායම් අංශයේ හා ගිණුම් අංශයේ ලේඛනගතකර පවත්වාගෙන නොයාම ඇතුළු කළමනාකරණ දුර්වලතා පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වූ අතර හැකි ඉක්මනින් ඒවා නිවැරදි කරගන්නා ලෙස අවශ්‍ය උපදෙස් ලබා දුන්නාය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන උදය ගම්මන්පිල, ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රසන්න රණවීර, මොහොමඩ් මුසම්මිල්, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.