රඹුක්කන සිදුවීම පිළිබඳව විමර්ශන පවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලිස්පතිවරයාගේ අනුමතියෙන් පත් කර තිබෙන බව පොලිස් මධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
රඹුක්කන සිදුවීම පිළිබඳව විමර්ශන පවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලිස්පතිවරයාගේ අනුමතියෙන් පත් කර තිබේ. ඊයේ (20) මහේන්ත්‍රාත් පරීක්ෂණ පවැත්විය. අද පොලිස්පතිවරයා විසින් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ. එම පරීක්ෂණයේ අතුරු වාර්තාවක් දින තුනක් ඇතුළත ලබාදීමට උපදෙස් ලබා දී ඇත.
සිදුවීමෙන් මියගිය අයගේ අවසන් කටයුතු සිදු කෙරෙන දින ප්‍රදේශයේ සාමය ආරක්ෂාකිරීමට පියවර ගැනේ. මේ සඳහා යුද හමුදාවේ සහාය ලබාගැනීමට පොලිස්පතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර ඇත. මේ වන විට කෑගල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි,රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපති වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇත.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.