යුනාන් පළාත ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5 ක ආහාර පැකේජ පරිත්‍යාග කරන බවද නිවේදනය කර තිබේ.
චීන රජයේ සෘජු සහයෝගය, කලාපීය රජයේ සහයෝගය සහ චීන රතු කුරුස සංවිධානයේ සහයෝගය ඇතුළුව හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සිය සහය ලබා දෙන බවට තානාපති චී මහතා සහතික වී තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා අද (21)දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමු වී තිබෙන අතර එහිදී දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙර සිටම ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය විදෙස් අමාත්‍යවරයා විසින් අගය කර තිබේ.
ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින තත්ත්වය කොළඹ සහ බීජිං හි පිහිටි චීන තානාපති කාර්යාල සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.