ඒවායේ පිටපත් අනෙක් පක්ෂ නායකයන් වෙත හෙට දිනයේදී ලබාදෙන බවද ඔහු කිය. එම සංශෝධන කෙටුම්පත්වල මූලික හරය පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් ඉදිරිපත් කළ බවද ඔහු පැවසිය.
පක්ෂ නායක රැස්වීම හරහා කථානායකවරයාට ඉදිරිපත් වන කෙටුම්පත් ගැන ඉදිරියේදීද පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බව පැවසු ඔහු, සමගි ජන බලවේගය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් 2022.04.21 ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපතිතුමා පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවක් වසර එකහමාරක් තිස්සේ දැනටත් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.
සභානායකවරයා මෙසේද ප්‍රකාශ කළේය.
“ අද (2022.04.21) කථානායකතුමා කැඳවා තිබු සාකච්ඡාවට පක්ෂ නායකයන් පැමිණ සිටි අතර ඒ පක්ෂ නායකයන් විසින් දැනට තමන්ගේ පක්ෂ හෝ කණ්ඩායම් හැටියට ව්‍යවස්ථා වෙනස්කම් සඳහා කෙටුම්පත් කථානායකතුමාට ලබා දුන්නා. හෙට දිනයේ අපි බලාපොරොත්තු වෙනවා පිටපත් සියලු පක්ෂ නායකයන්ට ලබා දෙන්න. ඒවායේ සම්පූර්ණ සංශෝධනයන්, අන්තර්ගතයන් මොනවාද කියා අපි තාම දන්නේ නැහැ.
පක්ෂ ඉදිරිපත් කරන කෙටුම්පත් ගැන පක්ෂ නායකයන් කැඳවා විශේෂ රැස්වීමක් පවත්වලා මුලින්ම ක්‍රියා කරනු ලබනවා. නමුත් ස.ජ.බ ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට අද ඉදිරිපත් කළා.
ජනාධිපතිතුමා විසින් පත්කළ ආණ්ඩුක්‍රම කෙටුම්පත සැකසීමේ කමිටුවක්ද දැනටමත් ක්‍රියාත්මකයි, පසුගිය වසර එකහමාරක් තුළ. එහි යෝජනාත් ඕනම වෙලාවක ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක ගැන නිශ්චිතව කියන්න බැහැ.”