පසුගිය දා ඉහළ ගිය ඉන්ධන මිල නිසා ධීවර රැකියාවට යාමට අපහසුව සිටින ධීවර ජනතාව වෙනුවෙන් ඉන්ධන සහනය ලබාදීම සඳහා කඩිනම් පියවර ගැනීම වෙනුවෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා
රාජ්‍ය අමාත්‍ය ඩි.වී.චානක මහතා ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් (21 දින) ධීවර අමාත්‍යංශයේදි පැවැති අතර එහිදී අමාත්‍යවරයා මෙම නියෝගය ලබා දෙන ලදී.
ඒ අනුව ඉදිරි කැබිනට් මණ්ඩලයේදී ධීවරයන්ට ඉන්ධන සහනය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය මෙම සාකච්ඡාවේදී යෝජනා විය.
මේ නව මිල සුත්‍රය සම්බන්ධයෙන් අමාත්‍යංශයේ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් උබාදුන් අතර, එමගින් ඉන්ධන මිල උච්චාවචනය වන අවස්ථා වලදී ධීවරයන්ට සහන ක්‍රමයට ඉන්ධන ලබා ගැනීමට හැකි වනු බව අමාත්‍යවරයා වැඩිදුරටත් නිලධාරින්ට පෙන්වා දුන්නේය.