ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ ක්‍රමවත් කිරීමට ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තු සහය ලබාගන්නා බව අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (21 ) සවස කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණය චාරිකාවක විය.
පසුගියදා විවිද පළාත්වල මාර්ග අවහිර කිරීම් සහ ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු කරන ලද පුද්ගලයන්ට සිදු කරන ලද පහර දීම් නිසා සේවයෙන් ඉවත් වූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය සේවය සහ ප්‍රවාහන බවුසර්, දින තුනකට පසු අද දිනයේ සිට නැවත බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන ලදි.
ඉදිරි දින කිහිපය තුල ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීමට පැය 24ම බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ.ඊයෙ දිනයේ බව්සර් 600 කට ආසන්න ප්‍රමාණයක සහ දුමිරිය 5ක් මගින් ප්‍රවාහන කටයුතු සිදු කරන ලදි.
ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය යථා තත්වයට පත් කිරීම සහ කඩිනමින් සිදු කිරීම වෙනුවන් පැය 24 පුරා එම ක්‍රියාවලිය සිදු කිරීමට අනුබද්ද ආයතන, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලීසිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් සමන්විත ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්‌ථාපිත කර ඇති අතර එහි ප්‍රගතිය සහ ඉදිරි බෙදා හැරීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ සවස කොලොන්නාව තෙල් ගබඩා මුලස්ථානයේ පැවති හමුවේ දී මේ බව අනාවරණය විය.