මේ රටේ ජනතාව සහ ජන ජීවිතය මුහුණ දෙන මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ගත හැකි සහනයන් පිළබඳව මේ වන විටත් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක
බැංකුව සමග කළ සාකච්ඡා කරමින් සිටින බවත් එම සාකච්ඡා සම්බන්ධයෙන් නිසි පැහැදිළි කිරීම් සිදු කරනු ඇති බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.
ඊයේ දිනයේ ද මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය නිවේදන මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කළ බවද පෙන්වා දුන්නේය. පසුගිය රජයන් සමයේ රුපියල් 2.50 ඉල්ලා වැඩ වර්ජනයන් සිදු කළ සේවකයන් 80,000ක් රැකියාවෙන් අස් කළ බවත් එහෙත් වර්තමාන මුදල් අමාත්‍යවරයා පවතින අර්බුදය හමුවේ වුවද රාජ්‍ය ආයතන වල සහ සංස්ථාපිත මණ්ඩල වල සියළු සේවකයන්ට හිමි මේ මස වැටුපද ලබා දුන් බව සඳහන් කළේය.