ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග, පැවති සාකච්ඡා ගැන මුදල් ඇමතිවරයා 2022.05.04 බදාදා අමාත්‍යංශ ප්‍රකාශයක් කිරීමට නියමිත අතර ඒ පිළිබඳ එදින පුරා විවාදය පැවැත්වීමටද, තීරණය වූ බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
එමෙන්ම නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) පළමුවැනි වාර්තාව පිළිබඳ කල්තැබීමේ විවාදය මැයි 05 බ්‍රහස්පතින්දා, පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත බවද ඔහු කියා සිටියේය. විශේෂ විගණන වාර්තා 05ක් සහ රාජ්‍ය ආයතන 07ක් පිළිබඳව කෝප් කමිටුව කළ විමර්ශන මෙම වාර්තාවට අන්තර්ගතය. 2016, 2017, 2018, 2019 යන වර්ෂවල කරුණු මෙහිදී විමර්ශනයට ලක් කර තිබේ. පොල් සංවර්ධන අධිකාරිය, සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍යජාලය, සීමාසහිත ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්, ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය සහ ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලය මෙම ආයතනයන් වේ.
දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පිළිබඳව ශෝක යෝජනා, මැයි 06 සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිතය.