ඒ අනුව මෝටර් වාහන පනත යටතේ 2021.09.17 දිනැති අංක 2245/31, 2021.10.29 දිනැති අංක 2251/63 සහ 2021.08.14 දිනැති අංක 2240/37 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කළ නියෝග විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.
ඊයේ (22) පාර්ලිමේන්තුව පෙ.ව 10.00ට රැස්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළේය.
එසේම විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනා නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ පෞද්ගලික මන්ත්‍රී පනත් පනත් කෙටුම්පත ලැබුණු බවත් අදාළ කටයුතු සදහා එය නීතිපතිවරයාවෙත යොමු කරන බවත් කථානායකවරයා පැවසීය.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා විසින් ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සංස්ථාගත කිරීම සදහා වූ පෞද්ලික මන්ත්‍රී පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කරන ලදී. අනතුරුව උක්ත සදහන් කරන ලද මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් පනවන ලද නියම ත්‍රිත්වය සදහා විවාදයකින් තොරව අනුමතිය හිමිවිය.පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් ප.ව 4.30 දක්වා පාර්ලිමේන්තුවේ සිය අදහස් පළ කළහ.
අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්වූ අතර ඒඅනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා 2022.04.19 වන දින රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා විසින් සමූපකාර ජාලය සදහා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට ඇති බාධාවන් සහ ඒවා මඟහරවා ගැනීමට ගත හැකි ක්‍රීයාමාර්ග පිළිබඳව සමූපාකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසන ලදී.
අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව පවතින තත්ත්වය හමුවේ පාසැල් විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීම හමුවේ ඇති අභියෝග පිළිබදව සභාව කල්තබන අවස්ථාවේ විවාදය ප.ව 5.15 දක්වා පැවැත්විණි. ඉන්පසු මැයි 4 වැනිදා පෙ.ව 10.00 දක්වා සභාව කල් තබන ලදී.