රට තුළ පැවැත්වෙන උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා කඩිනම් පියවර ගන්න යැයි මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග
මහතා පොලිසියෙන් ඉල්ලිමක් කරයි.
ගිලන්රථ, පාසල් වෑන්, කාර්යාල සේවා, සංචාරකයන් ගමන් කරනු ලබන වාහන සදහා මෙහි දි ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද ඇමතිවරයා ඉල්ලා තිබේ. මීට අමතරව අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරනු ලබන වාහන වලට ද උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර බාධාවකින් තොරව ගමන් කිරිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා වැඩිදුරටත් පොලිසියෙන් ඉල්ලා ඇත.
පසුගිය සිකුරාදා (22) මහජන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් යොමු කළ ලිපියක මේ බව සදහන් වේ. එහි වැඩිදුරටත් සදහන් වන්නේ ජනාධිපති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සාමකාමී උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්විම සදහා ඇති අයිතිය පිළිගන්නා බවයි. එමෙන්ම එම උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර ජනජිවිතය ද සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
පසුගිය දින කීපය තුළ රට තුළ පැවති උද්ඝෝෂණ හා විරෝධතා හේතුවෙන් මෙරට ජන ජීවිතය සාමාන්‍ය පරිදි පත්වාගෙන යාමට විවිධ බාධා මතු වු බවත්, ඇතැම් අවස්ථාවල දී ගිලන් රථ, පාසල් වෑන්, සංචාරකයන් ගමන් කරනු ලබන වාහන සහ අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරනු ලබන වාහන ගමනාගමනයට උද්ඝෝෂකයන් බාධා සිදු කර ඇති බවත් වාර්තා වී තිබේ. එවැනි අවස්ථාවල දී අදාළ උද්ඝෝෂකයන් හා සාකච්ඡා කොට බාධාවකින් තොරව පොදු ප්‍රවාහන සේවාවන්ට ගමන් කිරිමට අවශ්‍ය ඉඩ ලබාගැනීමට කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් දෙන්න යැයි ඇමතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යැවු ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.