පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දී අමාත්‍යවරයාගේ නිවසේ පැවති මාතලේ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ගේ සුහදහමුවකදී පසුගියදා ඔහු මේ බව පැවසුවේය.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
රටම විශාල අර්බුදයකට මුහුණපා සිටින මෙම අවධියේ නිර්පාක්ෂික අරගලයක් බව කියමින් එක්තරා පිරිසක් උද්ඝෝෂණයක යෙදීසිටිනවා. නිර්පාක්ෂික අරගලයක් නම් ඒ සදහා දේශපාලන පක්ෂවල සහය ලැබෙන්නට බෑ. නමුත් මේ අරගලය පිටුපස සිට එය මෙහයවන්නේ දේශපාලන ක්ෂේත්‍රයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ කණ්ඩායම්. ඔවුන්ට අවශ්‍ය කුමන ආකාරයේ විනාශයක් හෝ සිදුකර බලය අල්ලා ගැනීමටයි..
නිදහස් ලංකාවේ බිහිවු සෑම රජයකින්ම අඩුවැඩි වශයෙන් යම්යම් අඩුපාඩුකම් සිදුව තිබුනා. අද ඇතිවී ඇති අර්බුදය සියල්ලෙහිම ප්‍රතිඵලයක් බව අප කවුරුත් අමතක නොකළ යුතුයි.එදා මිරිහානේ ජනාධිපති නිවසට උද්ඝෝෂකයන් කඩාපැන්නේ ජනාධිපතිතුමා ඝාතනය කිරීමට මිසක් වෙන දෙයකට නොවේ.එදා රට වෙනුවෙන් දිවිපිදු දේශපාලයින් අපේ රටේ සිටියා.මෙසේ ජනතාව වෙනුවෙන් දිවිදුන් දේශපාලන නායකයින්ගේ අපේක්ෂාව වුයේ ජනතා මෙහෙවරයි.මෙය අපගේ සිත්තුල තිබිය යුතුයි. අද කවුරුත් ඉල්ලනවා අන්තර්කාලින ආණ්ඩුවක් පිහිටුවන ලෙස. නමුත් ජනාධිපතිතුමා මේ සියලු පක්ෂ වලින් ඉල්ලා සිටියා රටේ උද්ගතව පවත්නා ගැටළු විසදීමට එක්වන ලෙස. හැබැයි කිසිවෙක් ඒ සදහා එකඟත්වය පලකලේ නෑ.මොවුන් සිදුකලේ විවිධ චෝදනා රජයවෙත එල්ල කරමින් ජනතාව නොමග යැවීමයි.මේ දේශපාලන පක්ෂවලට අවශ්‍යවන්නේ රට කුමන ආගාධයකට වැටුනත් ජනතාව නොමගයවා ඔවුන්ට බලය ලබාගැනීමටයි. රටේ උද්ගතව පවත්නා ප්‍රශ්න විසදාලීමට ජනාධිපතිතුමා විසින් පියවර රැසක් ගෙන තිබෙනවා.ඒ සියල්ල දැනට ක්‍රියාත්මකයි.අප රටේ ආර්ථිකය කඩාවැටීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ලෝකයටම මහා ව්‍යසනයක් ඇතිකල කොරෝනා වසංගතය අපගේ රටත් ගිලගැනීමයි. එදා මෙම ව්‍යසනයෙන් රටේ ජනතාව බේරාගැනීමට ජනාධිපතිතුමා විශාල වෙහෙසක් ගත්තා. එහි ප්‍රතිඵල අද ලැබී තිබෙනවා.ජනාධිපතිතුමා සිදුකල මෙම මහගු කාර්ය අප අමතක නොකල යුතුයි. මේවනවිට රජයේ ඇතැම් මැතිඇමතිවරුන් පවා නොයෙකුත් අදහස් ප්‍රකාශ කරනවා. ජනධිපතිතුමා මේ සියලු ක්‍රියාවන් දෙස බලා සිටින්නේ උපේක්ෂා සහගතවයි. අපි තනතුරුවලට කෑදර විය යුතු නෑ.
එදා මම මහින්ද රාජපක්ෂ රජයේ නොයෙකුත් අමාත්‍යධූර දැරුවා. නමුත් මේ රජය බලයට පැමිණීමත් සමගම මට කිසිදු තනතුරක් ලැබුනේ නෑ.හැබැයි ඒගැන මම කිසිවිටකත් රජයට දොස් කියමින් ගියේ නෑ.. මම ප්‍රතිපත්ති ගරුකව ලැබුණදේ රැකගෙන ජනතා මෙහෙවරෙහි යෙදුනා . අද මම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. මම දිවිහිමියෙන් පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදෙන්නේ නෑ.අද මට රාජ්‍ය අමාත්‍ය තනතුරක් ලැබී තිබෙනවා. මම ඉතා සතුටින් එය බාරගත්තා. මෙමගින් ජනතාවට මට සේවයක් කලහැකියි කියා මම හිතනවා. අතිගරු ජනාධිපතිතුමාට එදා හැටනවලක්ෂයක් ජනතාව ලබාදුන් වරම ගැන එතුමා ජනතාවට වගකිවයුතුයි. එතුමා කිසි විටකත් එය පැහැරහැරියේ නෑ.ජනාධිපතිතුමා අවංක ජනතාවාදි පාලකයෙක්. ඒ නිසයි එතුමා ඉවසිල්ලෙන් කටයුතු කරන්නේ මේ අතරවාරයේ ඇතමුන් උත්සහ කරන්නේ බොර දියේ මාළු බෑමටයි.එවැනි ක්‍රියා කිසිවිටකත් සාර්ථකවන්නේ නෑ. මීට වසර තුනකට පෙර පසුගිය පාලන අවධියේ මෙරටේ සිදුවු අවාසනාවන්ත සිදුවීමක්වන පාස්කු සිද්ධියේ වරද වර්තමාන රජය මත පැටවීමට ඇතැම් දේශපාලන පක්ෂ උත්සහ කරනවා.නමුත් මෙය සිදුවුයේ පසුගිය යහපාලන සමයේදි බව අප කවුරුත් අමතක නොකළ යුතුයි. මෙරටේ බහුතරයක් ජනතාව තේරුම්ගෙන තිබෙනවා මෙම පාස්කු සිද්ධියට වගකිව යුත්තේ පසුගිය යහපාලන රජය බව. ඔවුන්ට එයින් ඇඟ බේරාගන්නට කිසිදා හැකිවන්නේ නෑ..බොරුවට වැඩි ආයුෂයක් නොමැති බව අප කවුරුත් විශ්වාස කරනවා. කවදා හෝ යථාර්යට අප මුහුණදිය යුතුයි. වර්තමානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින රජයක් තුළ මම කැමතියි ඉදිරියටත් වැඩ කරන්න..
මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ සියලුම මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරීන් සහභාගි වූහ