මේ අනුව එළඹෙන 27 වැනිදා පස්වරු 2.30 ට පාර්ලිමේන්තුවේ කාරකසභා කාමර අංක 01 දී මෙම විශේෂ වැඩසටහන පැවැත්වෙන අතර මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසිනි.
මේ සඳහා ප්‍රධාන සම්පත්දායකයා ලෙස සම්බන්ධවන්නේ අචාර්ය ස්වර්නිම් වාග්ලේ මහතා යි. ඔහු ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් සම්බන්ධව විශේෂඥයෙකු ලෙස රටවල් 36 සමග වර්තමානයේ කටයුතු කරමින් සිටී. එසේම ඔහු ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු ලෙසද කටයුතු කොට තිබේ.
මෙම විශේෂ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර සිටී.