පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    චීන තානාපති සහ නැඟෙනහිර ආණ්ඩුකාර අතර හමුවක්

    අප්‍රේල් 26, 2022

    ශ්‍රී ලංකාවේ චීන තානාපති Mr. Qi Zhenhong මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග පැවති විශේෂ සාකච්ඡාවක් කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි චීන තානාපති කාර්යාලයේදී පසුගිය ඉරිදා (24) පැවැත්විණි.

     ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජයට අයත් China National Petroleum Corporation “Petrochina” සමාගමෙන් තෙල් නැව් 19ක ඉන්ධන මෙට්ට්‍රික්
    ටොන් 730,000ක් එවා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Mr. Qi Zhenhong මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී පැවසීය.

    මෙරට ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජයට හැකි ඕනෑම උපකාරයක් කිරීමට පියවර ගන්නා බවද තානාපතිවරයා කිවේය. කොවිඩ් රෝගයෙන් පීඩා විදින කාලය තුළ එන්නත් කිරීමේ වැඩසටහනෙන් 71%ක් ආවරණය වන පරිදි මාත්‍රා මිලියන 26කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියේය.

    ආණ්ඩුකාරවරිය සහ චීන තානාපතිවරයා අතර හමුව කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි චීන තානාපති කාර්යාලයේදී පසුගිය ඉරිදා (24) පැවැත්විණි.

    මෙහිදි නැගෙනහිර පළාතේ අඩු ආදායම්ලාභි පවුල් 10,000කට ආධාර ලබාදීම ඉදිරියේදි සිදුවන බවද තානාපතිවරයා කියා සිටියේය. චින ආයෝජන නැගෙනහිර පළාතේ ස්ථාපනය කිරීම නිසා පළාතේ සංවර්ධන කටයුතු සිඝ්‍ර ලෙස ඉහල යන බව මෙහිදී ආණ්ඩුකාරවරිය කීවාය.

    කෘෂිකර්මය, කිරි, ධීවර, ඝන අපද්‍රව්‍ය කළමණාකරණය, සංචාරක සහ ඛනිජ නිස්සාරණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ඇති චීන ආයෝජන ගැනද ආණ්ඩුකාරවරිය මෙහිදී විස්තර කළාය. කෙසේවෙතත් මෙම වත්මන් අර්බුදය අතරතුර මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපනය සදහා අවශ්‍ය මුදල් පරිත්‍යාග කල චිනයේ Hangzhon හි Caibe ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ගේ කාරුණිකත්වය මෙහිදි ආණ්ඩුකාරවරිය ඇගයීමට ලක් කළාය.

    මේ අතර 1952 චීන - ශ්‍රී ලංකා, රබර්- සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය අපට ආඩම්බරයෙන් සැමරිය හැකි බවද චින තානාපති Mr, Qi Zhenhong මහතා මෙහිදි සිහිපත් කළාය. 2022 මැයි මාසයේදි නැගෙනහිර පළාතේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවද තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya