පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    නව අමාත්‍ය මණ්ඩලයේ සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක්

    අප්‍රේල් 26, 2022

    නව අමාත්‍ය මණ්ඩලයේ සම කැබිනට් ප්‍රකාශකවරු ලෙස බලශක්ති හා විදුලි අමාත්‍ය කංචන විජේසේකර,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සහ අධ්‍යාපන හා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත් කර තිබේ.

    ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.

    පසුගිය දා පත් කෙරුණ නව අමාත්‍ය මණ්ඩාලයට පෙර පැවැති  අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් ප්‍රකාශකවරු ලෙස හිටපු අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල සහ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරු කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya