ඔහු මේ බව පැවසුවේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අඳහස් දක්වමිනි.
ලිට්‍රෝ සමාගමෙහි පිරිවැය සැලකිල්ලට ගනිමින් එම ආයතනයෙහි මූල්‍ය ස්ථායීතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ලිට්‍රෝ ගෑස් මිල වැඩි වීමක් සිදුකරන ලෙස දැනටමත් ඉල්ලීමක් කර ඇතැයිද, දැනට එම මිල වැඩි වීම ලබාදී නොමැති අතර අද දවස තුළදී ඒ හා සම්බන්ධ වාර්තා පරිශීලනයෙන් පසුව සහ ආනයන වියදම් පරික්ෂා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද එම තීන්දුව පිළිබදව ලිට්‍රෝ සමාගම ජනතාව දැනුවත් කරනු ඇති බවද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කළේය.
මේ මාසයට සහ ඉදිරි මාසය සඳහා ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් දැනට ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති බවද ලෝක බැංකුව මෙම පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ඉදිරිපත් වී ඇති බවද සිහිපත් කළ අමාත්‍යවරයා, වැඩිදුරටත් පැවසුවේ එම කටයුතු මුදල් අමාත්‍යංශය මඟින් සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙන බවයි.