අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අඳහස් දක්වමිනි.
තමා ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන කෙනෙකු බවත්, මාධ්‍ය නිදහස පිලිබඳව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන බවද, කිසි විටෙක මාධ්‍ය නිදහසට බාධා නොකළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මාධ්‍ය නිදහස නිදහසේ පවත්වාගෙන යාමට ඉඩ දිය යුතු බවද, විශේෂයෙන්ම විවේචන ඉවසා දරාගැනීමට රජයකට පුළුවන් විය යුතු බවද කළ යුතු වන්නේ විවේචන වලට සත්‍ය කරුණු වලින් පිළිතුරු ලබාදීම බවද ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියා සිටියේය. හරි වැරැද්ද කුමක්ද යන්න තීරණය කිරීමට ජනතාවට ඉඩ සැලසිය යුතු යැයිද, අප සියලුදෙනාගේම අවශ්‍යතාවය වනුයේ රට රැකගෙන ඉදිරියට යාම බවද ඔහු සදහන් කළේය.
ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමේ සහ ලැබෙන තොරතුරු ප්‍රමාණය වැඩි කිරීමේ අරමුණෙන් සතියකට වරක් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහ විටින් ටිට පැවැත්වෙන මාධ්‍ය රැස්වීම් වලට අමතරව සතියේ දින 07හිම මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සදහා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවූ බවද සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දුන්නේ ය.
තොරතුරු දැනගැනීමේ අපහසුව පසුගිය කාලයේ මෙරට පැවති විශාල ගැටලුවක් බවද, රාජ්‍ය සහ ජෞද්ගලික අංශ වල ආයතන ප්‍රධානීන් සහ මාධ්‍යවේදීන් සමග සාකච්ඡා කිරීමේදී රජයෙන් තොරතුරු දැනගැනීමේ හරි ආකාර ක්‍රමවේදයක් නොමැති බවත් ඇතැම්විට යමක් ගැන කතාකිරීමේදී සත්‍ය තොරතුරු අහිතව කතාකරන්නේද යන ගැටලුවට මුහුණ පෑමට සිදුවෙතැයිද ඔවුන් තමා සමග පැවසූ බව අමාත්‍යවරයා කියා සිටියේය.
සතියේ දින 07හිම පැවැත්වීමට නියමිත මාධ්‍ය සාකච්ඡාව හෙට සිට අරඹන බවද, එම මාධ්‍ය සාකච්ඡාවට ඒ ඒ අවස්ථාවට අනුකූලව රටේ පවතින ගැටලු අනූව වැදගත්ම යැයි හැගෙන අමාත්‍යංශ වල අමාත්‍යවරුන්, ලේකම්වරුන් සහ තොරතුරු සපයන්නන් ගෙන්වාගනිමින් සාකච්ඡාව පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
සතියේ සෑම දවසකම උදේ වරුවේ මෙන්ම ඇතැම්විට සවස් වරුවේද එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන අතර එමගින් ජනතාවට අවශ්‍ය කරන සත්‍ය තොරතුරු ඒ ඒ ආයතන, ඒ ඒ අමාත්‍යංශ සම්බන්ධයෙන් මෙමගින් ලබාගත හැකි බවද මෙහිදී ජනතාවට ප්‍රශ්න ඇසීමට අවස්ථාව සලසා ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.