රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තු පරිශ්‍රයේ අද(අප්‍රේල් 26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් වන අඳහස පිළිබඳව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ මොහොතේදී ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක පිහිටා නොමැති බවත්, ඉතාම න්‍යමශීලී ප්‍රතිපත්තියක් අර්ථික අර්බුදය සම්බන්ධයෙන් පිහිටා සිටින බවත්, ආණ්ඩුව වෙනස් කිරීමට පාර්ලිමේන්තුව තුළ එකඟතාවයක් ඇත්නම් සිය විරෝධතාවක් නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවත්, නාලක ගොඩහේවා මහතා පැවසීය.
ආසියාව තුළ තිබෙන පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට මේ මොහොතේදී වැදගත් වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම බවත්,මීට විසඳුම ඇත්තේ පාර්ලිමෙන්තුවේ බවත් ඒ වෙනුවෙන් මහජන නියෝජිතයන් ඇතුලු සියලු දෙනා කටයුතු කළ යුතු බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.