එමෙන්ම, පාර්ලිමේන්තුව රැස් වන පළමු අවස්ථාවේ දී ම මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතව තිබේ.
IMF මඟින් ශ්‍රී ලංකාවට ණය ලබා දීම සම්බන්ධව මූලික එකඟතාවයට පැමිණ තිබෙන නමුත් එමඟින් ණය ගෙවීමට ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල කුමක්ද යන්න පිළිබඳව, ශ්‍රී ලංකාවට ණය ලබා දීම සම්බන්ධයෙන් IMF ආයතනය විසින් ප්‍රශ්න කර තිබෙන බවත්, මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලය, ඉදිරියේ දී පත් කිරීමට නියමිත ආර්ථික විශේෂඥයින්ගේ කමිටුව සහ අදාළ නිළධාරීන් සියල්ල එක්ව එම වැඩපිළිවෙල ඉතාමත් ඉක්මණින් ඉදිරිපත් කළ යුතු බවත් නාලක ගොඩහේවා මහතා මෙහි දී පැවසුවේය.
එමෙන්ම, ප්‍රමාද වී හෝ IMF වෙත යාමේ වැඩපිළිවෙලට ඇතුළ් වීම නිසා සහ අනිකුත් රටවල් සමඟ සාකච්ඡා සිදුකිරීමේ දී ශ්‍රී ලංකාවට උදව් කිරීමට IMF විසින් සූදානම් බව ප්‍රකාශ කිරීම හා ලංකාව සමඟ සිටීම විශාල ශක්තියක් බවත් ප්‍රකාශ කළ ඒ මහතා, IMF වෙත නොගොස් තනිව සිට ණය ගෙවා ගැනීමට නොහැකිව සිටින බව ප්‍රකාශ කළේ, නම් මේ වන විට කිසිඳු අයෙක් ශ්‍රී ලංකාවට උදව් නොකර සිටින්නට ඉඩ තිබුණු බව ද ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වුවද, මේ වන විට ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ විවිධ ආයතන වලින් ශ්‍රී ලංකාවට ආධාර, සහන ණය ලැබීමට ආරම්භ වී ඇති අතර ඉදිරියේ දී ද්විපාර්ශ්වික සාකච්ඡා වලට ද එළඹීමට ද IMF ශ්‍රී ලංකාව සමඟ සිටීම උදව්වක් වනු ඇතැයි ද, IMF ආයතනයට යාම මගින් සහ එම ආයතනය මෙරටට සහාය පළ කිරීමට එකඟ වීම මීට පෙර සිටියට වඩා ශක්තිමත් තත්ත්වයක ශ්‍රී ලංකාව සිටින බව හෙතෙම සඳහන් කළේය.
IMF විසින් 2020-2022 වාර්තාවෙන් ද ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට තිරසාර ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවට වන අතර බදු වැඩිකිරීම හෝ අනිකුත් දේ සම්බන්ධව මේ වන විට කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බවත් ඒවා ඉදිරියේ දී සාකච්ඡා කොට ගනු ලැබන තීන්දු බවත් හෙතෙම වැඩිදුරටත් මෙහි දී කියා සිටියේය.