බලශක්ති හා විදුලි අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ එම යෝජනාවට ඊයේ (25) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ තනි තනිව ආනයනය කර භාවිත කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීම යෝග්‍ය වන බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව බලපත්‍රයක් ලබාදීමට යෝග්‍ය වන පාර්ශවයන්ට බලපත්‍ර ලබාදීමට හැකිවන පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ අතර 2009 අංක 20 දරන ලංකා විදුලිබල පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශන ලැබී තිබේ.
ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.