මේ අවස්ථාවේ ඖෂධ මිල පාලන ඉවත් කළහොත් රෝගීන් තවදුරටත් පීඩාවට ලක්වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගේ අදහස විය.
එකී ඉල්ලීම පිළිබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් සහ මිල පාලන කමිටුවෙන් අමාත්‍යවරයා විමසන ලදුව ඔවුන්ගේ අදහස වී ඇත්තේ ද මේ අවස්ථාවේ මිල පාලනය ඉවත් කිරීම සුදුසු නැති බවත් ඒ වෙනුවට ඩොලරයේ මිල උච්චාවචනය අනුව ඖෂධවල උපරිම මිල නියම කිරීම සුදුසු බවත්ය. පෞද්ගලික වෙළෙඳ පොළ තුළ ඖෂධ හිඟයක් ඇති වීම මඟහරවා ගැනීමට යෝජනා කිහිපයක්ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව අමාත්‍යවරයාට භාරදී ඇත.