අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පොහොර සැපයුම්කරුවන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වන ලද සාකච්ඡාවකට (26) එක් වෙමිනි.
මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය රසායනික හා කාබනික පොහොර හිඟයකින් තොරව, නොපමාව, රට පුරා බෙදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
එමෙන්ම යල කන්නය ඉලක්ක කරගනිමින්, රසායනික පොහොර ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි මේ වන විට ද නිකුත් කර ඇති බව සඳහන් කරන ලද අමාත්‍යවරයා, එම පොහොර ආනයනය කොට රජයේ පොහොර සමාගම් හරහා කඩිනමින් බෙදාහැරීමට කටයුතු කරනු ලබන බව ද සඳහන් කරන ලදී.
කාබනික පොහොර සැපයුම්කරුවන් පෙන්වා දුන් ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සැපයුම්කරුවන්ගේ ගැටළු විසඳීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය හරහා නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බවය.
පසුගියදා ආරම්භ කළ “සෞභාග්‍යා ගෙවතු වගා සංග්‍රාමය” වැඩසටහනෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා එහිදී දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, අමාත්‍යාංශ ලේකම්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිළධාරීන්, කාබනික පොහොර සැපයුම්කරුවන් සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු පිරිසක් ද සහභාගි විය.