මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවන සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහිත මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 26ක් දිවයින පුරා ඉදිකිරීමට නියමිත අතර එම එක් මධ්‍යස්ථානයක් සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 15 කි. දරුවන්ට සහ ගුරුවරුන්ට අවශ්‍ය සියලු පහසුකම් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සතුව පවතින අතර දිවයිනේ සෑම දරුවකුටම සමාන ප්‍රවේශයක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
වෘත්තියෙන් ගුරුවරයෙක් ලෙසත් මහ පොළොවේ පය ගසා ඇති මිනිසෙකු ලෙසත් දරුවන් පිළිබඳ දැඩි අවධානයක් යොමුකර දරුවන්ට නිවැරැදි අධ්‍යාපනයක් ලබාදීම සිය යුතුකම හා වගකීම වන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම රටේ දරුවන් රටක වටිනාම සම්පත හා රටේ අනාගතය වන හෙයින් දරුවන් තුළින් යහපත් ආකල්පමය වෙනසක් ඇති කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් කුමන බාධා පැමිණිය ද සමස්ත දරු පරපුර හා කාන්තාවන් වෙනුවෙන් තම අමාත්‍යංශය හරහා ගෙන ගිය ව්‍යාපෘතීන් ඉදිරියට ද ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
මෙම අවස්ථාවට බදුරලිය ප්‍රාදේශීය ලේකම් බී.ඒ.එන්.දිල්රුක්ෂි මහත්මිය, මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියෙහි සභාපති චන්ද්‍රලාල් ප්‍රේමකුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්විය.