පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථික අර්බුදය ජය ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩසටහනක්

    අප්‍රේල් 28, 2022

    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ (27) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සදහා ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය ස්වානිම් වාග්ලේ මහතා සම්පත් දායකත්වය සැපයීය. ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් සම්බන්ධව විශේෂඥයෙකු ලෙස රටවල් 36 සමග වර්තමානයේ කටයුතු කරන ඒ මහතා ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු ලෙසද කටයුතු කොට තිබේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya