පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ඊශ්‍රාලයේ රැකියා සඳහා කාන්තාවන් පිරිසක් පිටත්ව යයි

    අප්‍රේල් 28, 2022

    ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තුසේවා රැකියා සදහා පිටත්වන ප්‍රථම කණ්ඩායමට ගුවන්ටිකට්පත් හා ලියකියවිලි ප්‍රදානය කෙරේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ලියකියවිලි ප්‍රදානය කිරීම  ඊයේ (27) සිදුකෙරිණි.

    ඊශ්‍රායල් රජයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා පස් දෙනෙකු ප්‍රථම කණ්ඩායම සදහා තෝරාගෙන ඇති අතර, ඔවුන් අද සවස (2022/04/27) ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අන්තර්ජාල වෙබ් අඩවියේ (www.slbfe.lk) පළ කෙරෙන දැන්වීමට අනුව මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්කිරීමෙන් අනතුරුව ලොතරැයි ක්‍රමය අනුව තෝරාගැනීම ඊශ්‍රායල් රජයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය (PIBA) මගින් සිදුකරන අතර, මෙලෙස තෝරාගත් අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ ඊශ්‍රායල් රජයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය විසින් නම්කරන ලද ආයතනයක් මගින් සිදුකරයි. අයදුම්කරුවන්ගේ හැකියාව, කුසලතා මත පමණක් මෙම රැකියා සදහා සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගනු ලබයි.

    ඊශ්‍රායල් ෂෙකෙල් 5300 ක් හෙවත් ලංකා මුදලින් රුපියල් ලක්ෂ 5 කට වැඩි වැටුපක් සාත්තු සේවක රැකියා සදහා ලැබේ. පළමු ලියාපදිංචිය සදහා වසර 2ක කාලයකට රැකියා ගිවිසුම් ලැබෙන අතර, සේවා යෝජකයාගේ කැමැත්ත මත එය දීර්ඝ කිරීමේ හැකියාව ලැබේ.

    ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තුසේවා රැකියා සදහා කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පමණක් බැවින් මෙම රැකියා ලබාගැනිමට කිසිදු පාර්ශවයකට මුදල් නොගෙවන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටි.

    ගුවන් ටිකට්පත් හා ලියවිලි ප්‍රදානය කිරීමේ අවස්ථාවට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරී ඩි.ඩි.පි සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවිකරණ ගාමිණි සෙනරත් යාපා මහතා ඇතුලු පිරිසක් එක්වී සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya