පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දෙයි

    අප්‍රේල් 28, 2022

    ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ලූකස් පෙට්‍රිඩිස් මහතා 2022 අප්‍රේල් 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් සමුගත්තේ ය.

    ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ලබාදුන් දායකත්වය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතාගේ ඇගයුමට පාත්‍ර විය. අතීතයේ පැවති ගැටුම්කාරී වාතාවරණය හමුවේ මෙම කමිටුව සිදු කළ වැදගත් කාර්යභාරය සහ පශ්චාද් ගැටුම් තත්ත්වය යටතේ පුනරුත්ථාපන සහ ප්‍රතිසන්ධාන කටයුතුවලට සහය වීම සම්බන්ධයෙන් ඉටු කරන වත්මන් කාර්යභාරය මෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා ලබා දෙන ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) පිළිබඳ පුහුණුව ද  මෙහිදී සිහිපත් කළේ ය.

    වත්මන් ආර්ථික අභියෝග සම්බන්ධයෙන් අමාත්‍ය පීරිස් මැතිතුමා පළ කළ කරුණු දැක්වීමට ප්‍රතිචාර දැක්වූ පෙට්‍රිඩිස් මහතා, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය හරහා ශ්‍රී ලංකාව වෙත වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට නියමිත බව දන්වා සිටි අතර, රජයේ අවශ්‍යතා මත මානුෂීය ආධාර සැපයීමට සූදානමින් සිටින බව වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

    සිය නවතම රාජකාරි පැවරුම සම්බන්ධයෙන් පෙට්‍රිඩිස් මහතා වෙත සුබ පැතුම් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මහතා, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සමඟ පවත්නා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තම අනුප්‍රාප්තිකයා සමඟ සමීපව කටයුතු කරන බවට සහතික විය.

    විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya