පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    රටේ සංවර්ධනය කළ යුත්තේ සියලු දෙනාගේ මුලිකත්වයෙන්- අපි වැටි සිටි තැනින් නැගිටිය යුතුයි - රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක

    අප්‍රේල් 28, 2022

    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ මුලිකත්වයෙන් පළාත් සභා ආණ්ඩුකාරවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු, හමුවක් (27දින) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    මෙම අවස්ථාවේ දී ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම මුළු රට පුරා ක්‍රියාත්මක කරන අවස්ථාවක්.එහෙත් ඉතිහාසයේ දුෂ්කරම අවස්ථාවක අද අප සියලු දෙනාම පත්ව සිටිනවා.දේශපාලන නායකත්වය,රාජ්‍ය නිලධාරීන් පැවරි ඇති වගකීම් මානසේ ඉටු කළ යුතුයි.සියලුම නිලධාරින් වගකීමෙන් මෙන්ම නීත්‍යානුකූල රාජකාරි කල යුතුයි.ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ ගුණාත්මක ආකල්ප,ඔවුන්ගේ පිළිගැනීම දියුණු කිරිමේ වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි.යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.

    තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අප රටේ ණය ලබා ගැනීමේදි අපිට පුළුවන් ඒ ණය පියවන්න උදව් කරන්න. අපේ රේඛිය අමාත්‍යාංශ වලින් විශේෂ කාර්ය භාර්යක් ඉටු කරනවා. ඔබ පළාතේ තියෙන ආදායම් තත්තවය පිළිබඳ හා සම්පත් පිළිබඳව ඉක්මනින් කල යුතු කාර්යන් පිළිබඳව මනා වැටහීමක් තියෙන්න ඕනෑ.ඒ තුලින් සංවර්ධන ක්‍රියාදාමයකට යා යුතුයි.ඔබ ක්‍රියාකාරින් ලෙස කටයුතු කළ යුතුයි.හැම බිම් අඟලක්ම වගා කිරිමේ කාර්ය භාර්යේ දී ඔබ සැම මුලිකත්වය ගත යුතුයි.බටහිර වෛද්‍ය ක්‍රමයට අනුකුලව බෙහෙත් ලබා දීමේ යම් ආකාරයේ ගැටළුවක් අද දවසේ ඇති වෙලා තිබෙනවා.එබැවින් රටේ පළාත් පාලන ආයතනය වලින් ක්‍රියාත්මක කරන දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මුලික කොට ගෙන ඇති වී තිබෙන මේ තත්තවට පිළියම් යෙදීම සඳහා අවශ්‍ය බෙහෙත් වඩා සීරුවෙන් එම ආයතනයේ තබාගෙන ප්‍රදේශයේ ජනතාවට ලබා දෙමින් යම් ආකාරයක සහනක් ජනතාවට ලබා දීමට පළාත් පාලන ආයතන නිලධාරින් කටයුතු කල යුතුයි. ඖෂධ පැළ සොයා ජනතාවට අවශ්‍ය ආකාරයට රෝපණය කරමින් දේශිය ආයුර්වේද ක්‍රමය නගා සිටුවීමට කටයුතු කරන්න පුඵවන් යි පැවසීය.

    එසේම හැම පළාතකම විදේශ ගත වෙලා ඉන්න ඩොලර් උපයන සෑම පවුලක්ම හදුනාගෙන ඒ අය ව්‍යාපෘති ආරම්භ කිරිමට පහසුකම් සළසා දිය යුතුයි.මේ රටට ඩොලර් ආයෝජන කිරිමට ඔවුන්ට ඔබ රාජ්‍ය නිලධාරින් ලෙස උදව් කළ යුතුයි. අද වනවිට පවතින දුෂ්කරතා මග හරවා ගන්න නම් අපි එක්ව නැගි සිට වැඩ කළ යුතුයි. අපි සියල්ලම ආර්ථියක් ගොඩ නැන්විමට සියලු උත්සහ ගත යුතුයි. අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවේ දිවයින පුරා සියලුම ආණ්ඩුකාවරුන්ද zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.එම අවස්ථාවේදී අදහස් දැක්වු ආණ්ඩුවකාරු මෙවැනි අවස්ථාවක් අපිට ලැබුණේ පළමු වතාවට.පළාත් සභා හා පළාත් පාලන,ස්වදේශ කටයුතු අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා රාජකාරි භාරගෙන දෙවන සතියේදීම මෙවැනි වැඩ පිළිවෙලකින් කටයුතු කිරිම ගැන ප්‍රශංසනීය වන්නෙමු.ඉදිරියටත් ඔබ සමග කටයුතු කිරිමටත් පළාතේ පවතින ගැටළු මෙන්ම ඵලදායිතා තුළින් සංවර්ධන රටක් ගොඩ නැගීමට අප සැවොම එක් වී වැඩ කරමු යැයි අදහස් දැක්වීය.

    මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,හා සියලුමආණ්ඩුකාවරුන් (zoom තාක්ෂණ ඔස්සේ),අමාත්‍යංශ ලේකම්වරු,ව්‍යපෘති අධ්‍යක්ෂවරු,රාජ්‍ය නිලධාරින් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya