පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ගොවීන්ට අවශ්‍ය පොහොර කඩිනමින්- අමාත්‍ය ජානක වක්කුඹුර

    අප්‍රේල් 28, 2022

    ගොවීන්ට අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දෙන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පොහොර සැපයුම්කරුවන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වන ලද සාකච්ඡාවකට එක් වෙමිනි.

    මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය ඝන කාබනික පොහොර හා දියර පොහොර හිඟයකින් තොරව, නොපමාව, රට පුරා බෙදාහැරීමටත් අවශ්‍ය රසායනික පොහොර ආනයනය කර කඩිනමින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස අදාල නිලධාරීන් හට උපදෙස් ලබා දුන් බවය.


    එමෙන්ම යල කන්නය ඉලක්ක කරගනිමින්, රසායනික පොහොර ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි මේ වන විට ද නිකුත් කර ඇති බව සඳහන් කරන ලද අමාත්‍යවරයා, එම පොහොර ආනයනය කොට රජයේ පොහොර සමාගම් හරහා කඩිනමින් බෙදාහැරීමට කටයුතු කරනු ලබන බව ද පෙන්වා දුන්නේය.


    කාබනික පොහොර සැපයුම්කරුවන් පෙන්වා දුන් ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සැපයුම්කරුවන්ගේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය හරහා නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බවයි.


    පසුගියදා ආරම්භ කළ “සෞභාග්‍යා ගෙවතු වගා සංග්‍රාමය” වැඩසටහනෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වෙත වාර්තාවක් ලබා දෙන මෙන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දුන්නේය.


    මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, අමාත්‍යාංශ ලේකම්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කාබනික පොහොර සැපයුම්කරුවන්,රසායනික පොහොර සැපයුම්කරුවන් සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරැ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු පිරිසක් ද සහභාගි වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya