පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    HIV පරීක්ෂණ සඳහා අන්තර්ජාලය මඟින් වෙලාව වෙන් කර ගන්න පිළිවන්

    අප්‍රේල් 28, 2022

    ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින් සංඛ්‍යාව අඩු මට්ටමක පැවතියද අලුතෙන් වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.

    මේ වන විට ශ්‍රී ලංකාවේ HIV සමග ජීවත්වන 3700 ක් පමණ සිටිති. ශ්‍රී ලංකාවෙන් වසර 2021 දී HIV ආසාදිතයින් 410 ක් වාර්තා වී ඇති අතර 2019 වසරට සාපේක්ෂව 2020 සහ 2021 වසරවලදී ආසාදිතයින් වාර්තා වීමේ යම් පහත වැටීමක් පෙන්නුම් කරයි.කොවිඩ් 19 වසංගත හමුවේ පනවන ලද සංචරණ සීමා නිසා HIV පරීක්ෂණ කටයුතු වලට බාධා පැමිණීම ඊට හේතු විය.

    අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන අයට, මත් ද්‍රව්‍ය එන්නත් කරගන්නා පුද්ගලයින්, වෙරළාශ්‍රිත ශ්‍රමිකයින් සහ බන්ධනාගාර නේවාසිකයන්ට HIV වැළඳීමේ වැඩි අවදානමක් පවති. ශ්‍රී ලංකාවේ HIV පරීක්ෂණ සහ සත්කාර සේවා රටපුරා ස්ථාපනය කර ඇත. HIV පරීක්ෂා කර ගැනීමට කැමති ඹ්නෑම අයෙකුට www.know4sure.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය ඔස්සේ ඊට වේලාව වෙන්කර ගත හැක. 0112667163/0703633533 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැක. මීට අමතරව 0716379192 දුරකතන අංකයට ඇමතීමෙන් HIV ස්වයං පරීක්ෂණ කට්ටල නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවතී

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී (27) පැවති HIV/AIDS අවදානම සහ ව්‍යාප්තිය පිළිබඳ මාධ්‍යවේදීන් සහ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් දැනුවත් කිරීමේ උපදේශන වැඩමුළුවේදී මෙම තොරතුරු අනාවරණය විය. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඒකාබද්ධව වැඩමුළුව සංවිධානය කර තිබුණි.

    ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV/AIDS මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරචිචි, ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV/AIDS මර්දන වැඩසටහනේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV
    සම්බන්ධ විශේෂඥ වෛද්‍ය දර්ශනී මල්ලිකාරච්චි, ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV/AIDS මර්දන වැඩසටහනේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV සම්බන්ධ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අසන්ති බලපිටිය යන මහත්මීන් මෙම අවස්ථාවය සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya