රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ “ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සහ ඉදිරි විභාග කටයුතු” යන මැයෙන් (අප්‍රේල් 28) පැවති මාධ්‍ය සකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රාඝවන් පැවසුවේ මේ වන විට අරගලයේ යෙදී සිටින තරුණ පරම්පරාවට තම ආචාරය පුදකරන බවත්, ඔවුන් ඉල්ලන දේශපාලන ඇතුලු රාජ්‍ය පද්ධති වෙනස රාජ්‍ය විශ්ව විද්‍යාල තුළින් පටන් ගැනීමට හැකියාවක් පවතින බවත්, දේශපාලන වපසරියෙන් පිටතට ගොස් නිදහස් හා ස්වාධීන චින්තනයක් සහිත බුද්ධිමත් පිරිසක් සැකසීම වෙනුවෙන් කටයුතු කළයුතු බවත්ය.
මේ වන විට රැකියා විරහිතව සිටින උපාධිධාරීන්ට එසේ සිටීමට සිදු වී ඇත්තේ ඔවුන් ලබාගත් උපාධියෙහි තිබෙන ගැටලුවක් නිසා නොවන බවත්, පවතින සමාජයත් සමඟ ඔවුන්ගේ උපාධි ගැලපීමේ සැකැස්මක් නොමැති නිසා බවත්, වර්තමානයේ මෙරටින් ලබාදෙන ප්‍රයෝගික සමාජය තුළ ගුණාත්මක බවෙහි අඩුවක් පවතින බවත්, අමාත්‍ය රාඝවන් පැවසීය.
විශ්ව විද්‍යාල ස්වාධීන ඒකක බවට පත් කිරීම, විශ්ව විද්‍යාල පද්ධතියෙන් ලැබෙන ශිල්පයේ ගුණාත්මක බව තවදුරටත් ගැඹුර කිරීම එනම් රට මෙහෙයවීමට හැකි පිරිසක් බිහිකිරීමේ සැකැස්මක් ඇති කිරීම හා උපාධි ලබාගන්නා පිරිස් ශ්‍රී ලාංකේය සමාජයටත් සෙසු ලෝකයටත් දායක වීමට හැකි උපාධිධරයන් බවට පත් කිරීම යන කාරණා තුන ස්ථාපිත කිරීමට තමන් කටයුතු කරන බවද සුරේන් රාඝවන් අමාත්‍යවරයා පැවසීය.