පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනයක් ලෙස ලිවොතයිරෝක්සින් ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශයට

    අප්‍රේල් 29, 2022

    තයිරොයිඩ ග්‍රන්ථියේ රෝගාබාධවලින් පෙලෙන රෝගීන් සුලභව ලබා ගන්නා ලිවොතයිරෝක්සින් (LEVOTHYROXINE 50 ug) ඖෂධය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නිෂ්පාදනයක් ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයට (27) ලබා දෙන ලදී.

    ඇසුරුම්ගත පෙති ලෙස (blister pack) ඖෂධය ලබා දීම විශේෂ ලක්ෂණයකි. මෙතෙක් කලක් රජයේ රෝහල්වලින් සිදු කෙරුනේ තොග ලෙස ආනයනය කල ලිවොතයිරෝක්සින් රෝහල් ෆාමසියෙන් කවරයකට දමා රෝගීන්ට ලබා දීමයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය චන්න ජයසුමන මහතාට ඖෂධය පිළිගැන්වූ අතර හෙතෙම එය වෛද්‍ය සැපයුම් ඒකකයට ලබා දෙන ලදි.

    තවත් සති හතරකින් SPMC ලිවොතයිරෝක්සින් 50 ug ඖෂධය blister pack ලෙස පෞද්ගලික අංශයේ ඔසුසැල් සඳහා ද නිකුත් කරන බව SPMC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya