පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    අපොස උසස් පෙළ 2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ඇරඹේ

    අප්‍රේල් 29, 2022

    අපොස උසස් පෙළ 2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

    අපොස උසස් පෙළ 2021 විභාගයේ නර්තන සහ සංගීත විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 29 දින සිට ආරම්භ වේ. (29) දින සිට ආරම්භ වන ප්‍රායෝගික පරීක්ෂණ මැයි 10 වැනිදා දක්වා පැවැත් වෙයි.

    මෙම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ප්‍රවේශ පත් මේ වන විටත් අයදුම්කරුවන් වෙත තැපැල් කර යවා ඇත. ප්‍රවේශ පත්‍ර නොලද යම් අපේක්ෂකයෙක් වෙතොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත්‍ර බාගත කර ගත හැකිය.

    අනෙකුත් විෂයන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය, ගෘහ ආර්ථික විද්‍යාව එම විෂයන්ය.මේ සම්බන්ධව වැඩිදුර විස්තර 011 2784208/0112784537 /0112786616/011340314 හෝ යන දුරකථන අංක ඔස්සේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් විමසිය හැකිය. ක්ෂණික ඇමතුම් අංකය 1911

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya