විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු කඩදාසි ගැටළුවක් නොමැති බවත් මුද්‍රණාලය ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ සියළු අංශ ඒ සඳහා කටයුතු කරමින් සිටින බවත් විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය. ඉදිරියේදී පැවැත් වීමට නියමිත විභාග සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් විභාග කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ 2022 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16වන ඉරිදා දින පැවැත්වීමට නියමිත බවයි. 2022 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 සිට නොවැම්බර් 12 දින දක්වා පැවැත් වීමට සැළසුම් කර ඇතැයිද විභාග කොමසාරිස් වරයා සඳහන් කළේය.
ඒ අනුව ප්‍රමාද වූ සෑම විභාගයක්ම හැකි ඉක්මනින් පවත්වා අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් විභාග දෙපාර්තමේන්තුවේ සියළු අංශ ඒ සඳහා කටයුතු කරමින් සිටින බවද විභාග කොමසාරිස් වරයා සඳහන් කළේය. අදත් අපේ දෙපාර්තමේන්තුවේ සියළුම අංශ ක්‍රියාත්මකයි. සියළුම දේවල් කල් දමන්න පුළුවන් වුවත් දරුවන්ගේ විභාග කල් දැමිය නොහැකියි
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 407129 ක් සහ පෞද්ගලික් අයදුම්කරුවන් 110367 පෙනී සිටී. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3842 ක විභාගය පැවැත් වේ. එළඹෙන මැයි 21 වන විට දිස්ත්‍රික් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන කරා සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර යැවීමට කටයුතු සූදානම් කර ඇත.
පසුගිය විභාග සඳහා එම කාර්ය මණ්ඩලයන්ට අදාළ ගෙවීම්ද මේ වන විට ගෙවමින් සිටින බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.