එහිදී ශ්‍රී ලංකාවේ ළාබාලතම සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත නවසීලන්ත මහ කොමසාරිස් විසින් විශේෂ සුභාශීංසන පිරිනැමිණි.
ඒ අවස්ථාවේදී නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍ර සබඳකම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යතුමා මෙහිදී සිහිපත් කළ අතර, ඒ පිළිබඳ සිය කෘතවේදීත්වය නවසීලන්ත මහ කොමසාරිස්වරයා වෙත පුද කළේය.
මේ අවස්ථාවේ දී නවසීලන්ත මහ කොමසාරිස්තුමා, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග පිළිබඳවත් විමසන ලදි.
ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ, සෞඛ්‍ය අමත්‍යවරයා නවසීලන්ත රජයේ සහය මේ මොහොතේ අපේක්ෂා කරන බව පැවසූ අතර, විශේෂ වශයෙන් ඖෂධ හිඟය මග හරවා ගැනීමට නවසීලන්ත රජයේ සහයෝගය ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු දැක්වූ නවසීලන්ත මහ කොමසාරිවරයා, නවසීලන්ත රජයේ සහ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහය ද තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාවට ලැබීමට සලස්වන බව ප්‍රකාශ කරන ලදි.