පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් හේතුවෙන් අතපසු වූ සියලු විභාග මේ වසරේ- අධ්‍යාපන ලේකම්

    අප්‍රේල් 29, 2022

    කොවිඩ් ව්‍යවසනය හේතුවෙන් අතපසු වූ සියලු විභාග මෙම වසරේ පවත්වන බවත් ,සියළුම ශ්‍රේණි සඳහා විෂයන් ආවරණය කිරීමට මෙම වසර තුළ සැළසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    ඉදිරි විභාග කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව පැවසීය.

    2022 අප්‍රේල් 18 සිට මෙම වසරේ පළමු පාසල් වාරය ආරම්භ විය. 2022 දෙසැම්බර් 23 දක්වා කාල සීමාව තුළ විෂය නිර්දේශ ආවරණය කර සියලු වාර විභාග පැවැත්වීමට සැළසුම් කර තිබේ.ඒ අතර තුර කෙටි පාසල් නිවාඩු ලබා දීමට සැළසුම් කර තිබේ. අගෝස්තු පාසල් නිවාඩුව මෙවර ඔක්තොම්බර් මාසයේ දී ලබා දීමට සැළසුම් කර ඇත.

    එම පාසල් නිවාඩුව අතරතුර,ඔක්තෝබර් 16 දින පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමටත් ඔත්තෝබර් 17 සිට නොවැම්බර් 12 දක්වා අ.පො. ස උසස් පෙළ විභාගය පැවැත්වීමටත් සැළසුම් කර තිබේ.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ලේකම්වරයා පැවසුවේ,

    අපට පාසල් පැවැත්වීමට දැනට ඉතිරිව ඇත්තේ දින 139ක්.අපි තවත් පැයක් වැඩිපුර ලබාගෙන ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සැළසුම් කළා. එහෙත් අපේ ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ ඉල්ලීම මත එම තීරණය අහෝසි කිරීමට සිදු වුණා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya