පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    නවසීලන්තයේ කිරි හා සත්ත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමයට ශ්‍රී ලංකාවට

    අප්‍රේල් 29, 2022

    ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael appleton) මහතා හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (28) කොළඹ දි සිදුවිය.

    නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ඇති ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කිරීම හා නවමු ආර්ථික හා සංවර්ධන සංකල්පයන් කෙරෙහි යොමු වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

    නවසීලන්තයේ කිරි හා සත්ත්ව නිෂ්පාදන දිගුකාලීන සහන ණය ක්‍රමයක් යටතේ ලබාදීමට කටයුතු කරන බව මහකොමසාරිස්වරයා මෙහිදී පැවසීය. එමෙන්ම මෙම අසීරු අවස්ථාවේ කිට්ටු මිත්‍රයකු වූ ශ්‍රී ලංකාව අත් නොහරින බව මහ කොමසාරිස්වරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya