පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ දී රට තුළට සිදු කරන සියලු ආනයනය කිරීම්වල දී මුදල් ගෙවීම්, බැංකු ක්‍රමය මඟින් පමණයි

    අප්‍රේල් 29, 2022

    ඉදිරියේ දී රට තුළට සිදු කරන සියලු ආනයනය කිරීම්වල දී මුදල් ගෙවීම් බැංකු ක්‍රමය මඟින් පමණක් සිදු කළ යුතු සිදු කළ යුතු බවත් ඒ පිළිබඳව ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කෙරෙනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

    මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සහ වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .

    අප රටේ බැංකු තුළ මේ වන විට විදේශ විනිමය හිඟයක් ඇති බවත් විදේශ විනිමය ලබා ගැනීමට වැඩ පිළිවෙළවල් කිහිපයක් ඇති බවත් පෙන්වා දුන් මහබැංකු අධිපතිවරයා, බැංකු ක්‍රමයෙන් පිටත අවිධිමත් වෙළඳපළක් මෙම අවස්ථාවේ දී ක්‍රියාත්මක වන බවයි.

    ඕනෑම පුද්ගලයෙකුට බැංකුවකට ගිය විට විදේශ විනිමය ලබා ගැනීමට අපහසුවක් ඇතැයි පැවසු වීරසිංහ මහතා ,බැංකු ක්‍රමයට පිටතින් හවාලා සහ උන්ඩියාල් යන ක්‍රම තුළින් විදේශ විනිමය ගලා යන බවත් ඒ තුළින් අපට අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා මුදල් මේ ක්‍රම දෙක මඟින් ගලා යන බවත් එය නැවත බැංකු ක්‍රමයට ගෙන්වා ගැනීමට මුදල් අමාත්‍යංශය සමග මහ බැංකුව සාකච්ඡා කර තිබෙන බවත් පැවසුවේය .

    එබැවින් බැංකු ක්‍රමය ඔස්සේ නොයන ආනයන තහනම් කිරීමටත් මීට පසු රට තුළ ඇති සියලුම ආනයන වලට සහතිකයක් ලබා දීමටත් ආනයනය සදහා මුදල් ගෙවීම බැංකු ක්‍රමය තුළින් පමණක් සිදුකිරීමටත් බැංකුවට පිටතින් මුදල් ගෙවා ආනයනය කළහොත් එය රේගුව හරහා ගැනීමට නොහැකි වන සේ නීති ක්‍රියාත්මක කරන බවද මහබැංකු අධිපතිවරයා කීය.

    අධ්‍යාපන කටයුතුවල විදේශගතව සිටින දරුවන්ට මුදල් යැවීමට සහ සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ පුද්ගලයන්ට බැංකු ක්‍රමය තුළින්ම මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස බැංකුවලට උපදෙස් ලබා ලබා දී තිබෙන බව ද විවෘත ගිණුම්වලින් පිටරටට අපනයනය කර්මාන්ත කරන පුද්ගලයන්ට හැකි තරම් තමන්ගේ ගනුදෙනු බැංකු ක්‍රමය තුළින් සිදුකරන ලද පැවසු මහබැංකු අධිපතිවරයා, විදේශ විනිමය අනුපාතය ක්‍රමානුකූලව ස්ථාවර කිරීම මෙහි බලාපොරොත්තුව බවද කීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,ලෝක බැංකුව සහ ඉන්දියාවේ මුදල් ඇමතිතුමිය සමගත් සාකච්ඡා කළ බව කී අධිපතිවරයා, ඉන්දියානු රජයෙන් සහයෝගයක් ලබාදීම පෙන්නුම් කර බවත් ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවත් ,එක්සත් ජනපදයේ භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් සමග ද සාකච්ඡා වට කිහිපයක් සිදු කළ බවත් එහි දී ලංකාවේ වර්තමානයේ ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කළ පසු ඔවුන් අප රටට අවශ්‍ය සහාය ලබා දීමට විශාල උනන්දුවක් දැක්වූ බවද පැවසුවේය.

    ඒ අනුව මූල්‍ය අරමුදල සමග තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මේ වන විට පවත්වන බවත් මෙහිදී මෙම වැඩපිළිවෙල ඔවුන්ගේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කර ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමටත් ,මුදල් ලබාගැනීමේ පහසුකම ලබාගැනීමත් මෙහි එක් පියවරක් බවද කීය

    එසේම ණය ප්‍රතිවහ්‍යුහ ගත කිරීමේ වැඩපිළිවෙළ අප්‍රේල් 12 වෙනිදා නිවේදනය කළ බව කී මහබැංකු අධිපතිවරයා ,එහි දෙවැනි පියවර ලෙස මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීමත් ,මේ සඳහා තෝරා ගත් පුද්ගලයින් කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමත් ඉන්පසුව ඔවුන් සමග එක්ව අපට ණය ලබාදුන් අයවලුන් සමඟ සාකච්ඡා කරන බවද පැවසීය .

    සමාජ සහනාධාර ක්‍රමයට ඩොලර් මිලියන 300 ක් ලැබි ඇති බවත් සහනාධාර ක්‍රමය යටතේ පීඩාවට පත්වී ඇති දිළිඳු පවුල් සඳහා සහනාධාර ලබාදීමට මූලික වශයෙන් කටයුතු කරන බවත් මහ බැංකුව පාරදෘශ්‍ය අයුරින් එම මුදල් ලබාදෙන බවත් ලැබී ඇති මුදල්වලින් කොටසක් සෞඛ්‍ය කෂේත්‍රය සඳහා ලබා දෙන බවද කියා සිටියේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya