පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ගොවි ගැටලු විසඳීමට කෘෂිකර්ම ඇමති උද්ඝෝෂකයන් හමුවෙයි

    අප්‍රේල් 30, 2022

    කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, බත්තරමුල්ල දියත උයන ඉදිරිපස සත්‍යග්‍රහයක නිරත ජාතික ගොවිජන එකමුතුවේ නියෝජිත පිරිස මුණගැසී ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කටයුතු කර ඇත.

    මෙහිදී ගොවීන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සන්දේශයක් අමාත්‍යවරයා වෙත භාර දීමට ද මෙම පිරිස කටයුතු කර තිබේ.

    ඒ අනුව, ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට තමා කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. තවද ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත්, වගා හානිවලට වන්දි ලබා දිමට සැලසුම් කර ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    සන්දේශය මඟින් පෙන්වා දී ඇති අනෙකුත් ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දින 3ක් ඇතුළත අවස්ථාව සලසන බව ද අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

    ගොවි ජනතාවගේ හඬට කන් දෙමින්, ගැටලු සඳහා විසඳුම් ලබා දීමට ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ද, උද්ඝෝෂණ ස්ථානයට පැමිණ සිය ඉල්ලීම් කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරිම පිළිබඳව ද උද්ඝෝෂකයන් අමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කරන ලදී. එමෙන්ම ඉදිරියේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වීමට ද කටයුතු කරන බව ද මෙම පිරිස අමාත්‍යවරයා වෙත දැන්වීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya