ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති කළමනාකරණය කොට කාර්යක්ෂම කිරීමට සම්පූර්ණ සහාය දක්වන බව අධ්‍යක්ෂවරයා එහිදී පැවසීය.
පළාත් පාලන ආයතනයන්හි කාර්යයභාරයන්ට ද මැදිහත් විය හැකි බවත්, විශේෂයෙන් කසල කළමනාකරණය තුළින් කාබනික පොහොර ගුණාත්මක භාවයෙන් නිෂ්පාදනය කිරීම සදහා තාක්ෂණ සහාය ලබාදෙන බවද පැවසුවේය.
ගමනාගමනයේදී දැවෙන අධික ඉන්ධන ප්‍රමාණය හා නාස්තිය අවම කිරීමට ක්‍රමවේදයන් සැකසීමට හැකි බව සදහන් කළ අමාත්‍යවරයා විශේෂයෙන් අධික රථවාහන තදබදය පවතින කොළඹ ප්‍රමුඛ තදාසන්න නගර කිහිපයක ආරම්භ කිරීමේ හැකියාව පිලිබදවද සාකච්ඡා කළේය.
එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා අංශයේ (United Nations Office For Project Services - UNOPS) ශ්‍රී ලංකා නියෝජිත සුදීර මුරලිදරන් (Sudir Muralidaran), සහයෝගීතා සංවර්ධන කළමනාකරු අමෙන්ති ජාසිංහ (Amenthi Jasinghe) යන අය මෙම අවස්ථාවට එක්විය.