පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රිපෝෂ සඳහා බඩඉරිගු වෙනුවට වෙනත් ආදේශක පිළිබඳ සොයා බලනවා- විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා

    අප්‍රේල් 30, 2022

    ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිගු වෙනුවට වෙනත් ආදේශක පිළිබඳ සොයා බලන බව ද, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ද මැදිහත්වී කටයුතු කරන බව ද පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

    මෙම දිනවල ගර්භණී මවුවරුන්ට සහ දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදුකළ විමසීමකදී ඇය මේ බව කියා සිටියාය.

    බඩඉරිගු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් මෙම දිනවල ගර්භණී මවුවරුන් සහ දරුවන් සදහා ත්‍රිපෝෂ නිෂ්පාදනය තරමක් අඩුවූ බවද, ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා නිෂ්පාදන ආයතනයක් තෝරාගැනීමට මේ වන විට ටෙන්ඩර් කැදවා ඇතැයිද, එළඹෙන සතියේ ටෙන්ඩර් විවෘත කර නිෂ්පාදන සමාගමක් තෝරාගෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය කඩිනමින් යථාවත් කරන බවද ඇය වැඩිදුරටත් කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya